නුඹ ලඟවුන් දිනවලත්,
තරහ වී හුන් දිනවලත්,
මට තිබුනේ ආදරෙයි කියා,
නොකියා ඉන්නටය...
නුඹ පැමිණි දිනවලත්,
නුඹ නොපැමිණි දිනවලත්,
මට තිබුනේ ආදරෙයි කියා,
නොඅඟවා ඉන්නටය...
නුඹ ආදරය කළ දිනවලත්,
නුඹ හැරදමා ගිය දිනවලත්,
මට තිබුනේ,
නුඹව නාඳුනන සේ ඉන්නටය...
ආදරයටත් වඩා,
නුඹ තිළිණ කළ විරහව,
නුඹ තරම්ම සොඳුරුය...
ඒත්,
නුඹටත් වඩා එය ළෙන්ගතුය................❤️
Omaya Kovilagodage
Monday, 11 March 2019
Friday, 8 March 2019
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි.
කාන්තාවට වෙන්වූ දුම්රිය මැදිරියක්, කාන්තාවන් පමණක් ගුවන අරා ගිය ගුවන් ගමනක්, කාන්තාවන් හා අභ්‍යවකාශය සිසාරා ගිය ජය හෝරා කිහිපයක්, සමඟින් තවත් කාන්තා දිනයක් ගෙවී යයි..
යළිත් හෙට දින සිට සුපුරුදු 2020 මාර්තු 8 එළැඹෙන තුරු කාන්තාවන්ට නිසි තැන නොව කාන්තා අභිමානය, ගරුත්වය පිළිබඳව හෝ සිතන්නට විමසන්නට ඉඩක් ඇත්තේ කාහටද?
මේ සියල්ල මැද තමන් රැකියාව කරමින් සිටි කටුනායක කර්මාන්ත ශාලාව තුළදී තමන් ලිංගිකව හිංසනයට
ලක්වූ බව ගම්පහ තරුණියක් පවසන්නීය.
මේ වනවිට නිදහස් වෙළඳ කලාපවල සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වීම දිනෙන් දින ඉහළ ගොස් ඇතැයි නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය පවසයි.
නීතිය ඉටුකිරීම සදහා පොලිසියේද පසුබැසීමක් පෙනේ.
සිද්ධියට පසු දිනම අදාල තරුණිය සිද්ධිය පිළිබදව කටුනායක පොලිසියට දැනුවත් කර තිබුණත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබිිණි.
මෙහි ඇති අවලස්සනම සිදුවීම වන්නේ ලාංකික කාන්තාවක් කිසියම් අසාධාරණයකට ලක්ව පිහිටක් පතයිද
වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටීමේ පොදු ලක්ෂණයයි.
අයුතු බලපෑමක් කළ පුද්ගලයෙකුට විරුද්ධව පාලනාධිකාරියට පැමිණිලි කළ හොත් පාලනාධිකාරියෙන්ද අයුතු යෝජනා වින්දනයට සිදුවීමේ සම ලක්ෂණය ගම්පහ තරුණියටද විඳින්නට සිදුව ඇත.
මෙරට වැඩි වශයෙන් පීඩාවට හා හිංසනයට ලක්වන කාන්තාවන් සිටිනුයේ වෙලඳ කලාප හා වතු ආශ්‍රිතව බව මෙරට ස්ත්‍රී මධ්‍යස්ථානය ද පවසයි.
මෙවැනි සියලු සිද්ධීන් පසුපස මෙරට ලිංගික අධ්‍යාපනය අපරාධයක් වන රටට කාන්තා ලිංගික හිංසනය පොදු මගී සේවා, සිය නිවෙස, මහමග සහ වෘත්තිය ස්ථානය තුළ සිදුවේ.
ලාංකික ක්‍රිකට් තරු දෙපලක් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර පසුගියදා පැවසුවේ කාන්තාවන්ගේ ඇඳුම හා හැසිරීම, ඔවුන්ට එරෙහිව ලිංගික ප්රචණ්ඩත්වය මුදාහැරීමට හේතුවක් නොවන බවයි.
''පිරිමියෙක් වුණාම පුලුවන් වෙන්න ඕනා කාන්තාවක් නිරුවතින් පාරේ ගියත් මනස යහපත් ලෙස හදා ගන්න'' යන කුමාර් සංගක්කාරගේ අදහස හා රටේ බහුතර පිරිමි අදහස හා ගැලපේද? ගැටලුවකි.
කෙසේවෙතත් කාන්තාවන්ට පුරුෂයන්ගේ ගෞරවය හිමිවිය යුතු යැයි යෝජනා කරමි.
ඇය සෙල්ලම් බඩුවක් හෝ ලිංගික ආකර්ශණයක් ලෙස සලකා සිය ඉලක්ක සපුරා ගන්නා තෙක් කාලය ගත කර ගන්නා මෙවලමක් නොවිය යුතුය.
පුරුෂයන් තම මවට, තම නැඟණියට, තම පෙම්වතියට ගරු හා ආරක්ෂා කරන ලෙස අනෙක් කාන්තාවන්ටද ගරු කළ යුතුයි. ආරක්ෂා කළ යුතුයි.
සංගා කී පරිදි ගැහැණියක නිරුවතින් ගියක් තමන්ගේ සිත පාලනය කර ගැනීමට පිරිමියෙකුට හැකියාව තිබිය යුතුය.
සටහන - ඔමායා කෝවිලගොඩගේ.
Subscribe to:
Posts (Atom)